by Staff writer 31-10-2021 | 5:20 PM
COLOMBO (NEWS1ST) : උපද්‍රවකාරී ක්ෂුද්‍රජීවීන් අඩංගු පොහොර සහිත හිපෝ ස්ප්‍රිට් නෞකාව Sea of Sri Lanka හෙවත් ශ්‍රී ලංකා මුහුදට ඇතුල්වූ බව ජාත්‍යන්තර නාවුක දත්ත තහවුරු කරයි.
උපද්‍රවකාරී ක්ෂුද්‍රජීවීන් අඩංගු පොහොර සහිත හිපෝ ස්ප්‍රිට් නෞකාව ශ්‍රී ලංකා මුහුදට ඇතුල්වූ බවජාත්‍යන්තර නාවුක දත්ත ඇතුළත් ෆීලිට් මොන් වෙබ් අඩවිය තහවුරු කළේ ඊයේ (30) යාවත් කාලීන කළ දත්ත අනුවයි.
මීට පෙර එහි දැක්වුණේ, හිපෝ ස්ප්‍රිට් නෞකාවේ හඳුනාගැනීමේ අංකයෙන් ම සෙයියෝ එක්ස්ප්ලෝර් නමැති නෞකාවක් හම්බන්තොට මුහුදු තීරයට ඇතුළු වූ බවටයි.
එහෙත් එම නෞකාව කුමන වරායක සිට පැමිණියේ ද යන්න ද සටහන් කර නොතිබිණ.
කෙසේවෙතත් නවතම දත්තවලට අනුව පසුගිය 13 වෙනිදා මලක්කාව ආශ්‍රිත මුහුදට පැමිණි හිපෝ ස්ප්‍රිට් නෞකාව සෘජුවම ශ්‍රී ලංකාව බලා යාත්‍රාකර ඇති බව තහවුරු වේ.
එම නෞකාව ශ්‍රී ලංකා මුහුද තුළ හම්බන්තොට වරායේ සිට නාවික සැතැපුම් 44.82 ක දුරකින් මෙන්ම වරයාවේ සිට අංශක 66.9ක කෝණයකින් පවතින අයුරු පසුගිය 24 වෙනිදා සටහන්ව තිබිණ.
එමෙන්ම හිපෝ ස්ප්‍රිට් නෞකාව යාල ජාතික වනෝද්‍යානයට ආසන්නව ගොඩ බිමට නාවික සැතපුම් 4.18 ක් තරම් සමීපවි ඇති අයුරුත් නිරීක්ෂණය විය.
කෙසේවෙතත් ඉන් පසුව තාක්ෂණිකව චන්ද්‍රිකා සටහන්වලින් නැව යළි අතුරුදන්ව තිබේ.
ත්‍රිකුණාමලය සහ කොළඹ වරයාන්වල හාබර් මාස්ටර්වරුන්ගෙන් නෞකාව පිළිබඳව අද (31) අපි යළි විමසීමක් කළෙමු.
ඔවුන් කියා සිටියේ තම රේඩාර් පද්ධතිවලට නෞකාව ඇතුල්වී ඇති බවට තොරතුරු වාර්තා නොවූ බවයි.
මේ අතර හානිකර ක්ෂුද්‍ර ජීවින් සහිත පොහොර අඩංගු චීන පොහොර නැව ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ රැඳී සිටිමින් තම පොහොර මෙරටට ගොඩබෑමට විවිධ බලපෑම් කරන අතර චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදුලේඛනගත කළේ ද තම පොහොර නැවට අදාළ ණයවර ලිපිවලට ගෙවීම් නොකළ බව පවසමිනි.
මහජන බැංකුව එසේ කටයුතු කළේ, උපද්‍රවකාරී ක්ෂුද්‍රජීවීන් අඩංගු පොහොර නැවට ගෙවීම් නොකරන ලෙස අධිකරණය දුන් තීන්දුවට ගරු කරමිනි.
මහජන බැංකුව පෙන්වා දෙන්නේ ණයවර ලිපි සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර රීතී මාලාව ඕනෑම රටක නීතීයට යටත් බවයි.
එ බැවින් චීන පොහොර නැවට අදාළ ණයවර ලිපිය සම්බන්ධයෙන් මහජන බැංකුව කටයුතු කර ඇති අකාරය සම්පූර්ණයෙන්ම නිත්‍යනූකූල බව එම බැංකුව පෙන්වා දෙයි.
ප්‍රශ්නය :- දැන් දේශිය ගනුදෙනුකරුවෝ වගේම විදෙස් ආයෝජකයෝ විදෙස් ගනුදෙනුකරුවෝ තුළ මේ සම්බන්ධයෙන් තියෙන්නේ විවිධ මතිමතාන්තර මහජන බැංකුව විදිහට මොන වගේ පණිවිඩයක්ද මේ ගනුදෙනුකරුවන්ට දැන් දෙන්නේ?
පිළිතුර (රංජිත් කොඩිතුවක්කු - සාමාන්‍යධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී, මහජන බැංකුව:- ගරු අධිකරණය විසින් ගන්න තීරණය මත තමයි ඉදිරියේදී මේ ණයවර ලිපි සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක මහජන බැංකුව තීරණය කරන්නේ? ණයවර ලිපිය අපි විවෘත කරන්නේ යුසීපී 600 කියන ජාත්‍යන්තර නීතී රීතී මාලාවකට මේක රීතී මාලාවක් මේක නීතී මාලාවක් නෙවෙයි. වෙළඳ ප්‍රජාව විසින් එකඟ වෙලා තියන පිළිගත් රීතී මාලාවක්. ඒ රීතී මාලව හැම වෙලාවේම රට තියන දේශීය නීතීයට යටින් තමයි තියෙන්නේ, ගෙවනවද? නැද්ද? කියන එක අපට හරියටම තීරණය කරන්න පුළුවන් වෙන්නේ ගරු අධිකරණයෙන් ලබාදෙන තීරණට අනුව, නමුත් මූලික වගකීමක් තියනවා. මහජන බැංකුවට අපි ණයවර ලිපිය විවෘත කරපු බැංකුව විදිහට ගෙවීම සඳහා වෙන මූලික වගකීමෙන් අපි බැහැර වෙලා නැහැ අධිකරණයේ .තීරණය මත තමයි සියලු දේ රඳා පවතින්නේ කෙසේ නමුත් අපි කටයුතු යොදා තිබෙනවා. චීන තානාපති කාර්යාලයට අපේ ස්ථාවරය පිළිබඳව දැනුවත් කිරීමට. ඒ අනුව අපි හිතනවා. අධිකරණයෙන් ලබාදෙන තීරණය කුමක් වුණත් ලෝකයේ පිළිගත්ත සම්ප්‍රදායන්ට අනුව අදාළ තානාපති කාර්යාලයේ අදාළ කාර්යාලය විසින් අපි අසාදුගත ලේඛනයෙන් ඉවත්කරයි කියන එක ගැන අප බොහෝ විශ්වාසයක් තියනවා