by Staff Writer . 31-10-2021 | 8:13 PM
COLOMBO (NEWS1ST): ඇමරිකාව බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව විසින් ඕකස් නමින් පිහිටුවා ගන්නා ලද තෛපාර්ශවයීය ආරක්ෂක ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාවට අඩුම තරමින් න්‍යෂ්ටික සබ්මෑරීන 8 ක් සැපයීමේ සූදානම පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන තානාපති ශි සෙං හොං මහතාගේ අවධානය යොමු වී තිබේ.
ඔහු අවධාරණය කරන්නේ න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව චීනය විශ්වාස කරන බවයි.
මෙමගින් න්‍යෂ්ටික අවි ව්‍යාප්ත වීමේ තර්ජනය වැඩි කර ඇති බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීනයේ තානාපතිවරයා අවධාරණය කරයි.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඕකස් එකඟතාව මගින් නිරවිකරණ ගිවිසුම උල්ලංඝණය වන බවයි.
මෙම ක්‍රියාවලිය ලෝකයේ රටවල් අතර නව ආයුධ තරගයක් නිර්මාණය කරන බවත්, එය කලාපීය සාමය සහ ස්ථාවරත්වය අඩාල කරන බවත් තානාපතිවරයා පවසයි.
අමෙරිකාව හා බ්‍රිතාන්‍ය උතුරු කොරියාවට සහා ඉරානයට න්‍යෂ්ටික අවි භාවිතය සම්බාධක පනවන අතරවාරයේදී මෙලෙස ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සම්බැරීන ලබාදීම දෙබිඩි ක්‍රියා කලාපයක් බවත් ඔහු සඳහන් කරයි.
චීනය සෑම විටම සිය න්‍යෂ්ටික බලය අවම මට්ටමින් පවත්වා ගෙන ගිය බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අවධාරණය කර සිටී.