by Staff writer 30-10-2021 | 2:08 PM
COLOMBO (NEWS1ST) : මොරටුව සහ කළුතර ප්‍රදේශයේදී පොලීසියට පහරදුන් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඊයේ(29) රාත්‍රි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසියේ නිලධාරින් පිරිසක් මුරවත්ත ප්‍රදේශයට ගොස් ඇති බවය.
එම අවස්ථාවේදී පිරිසක් පොලිස් නිලධාරින්ට පහරදී තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අඟුලාන සහ කළුබෝවිල රෝහල්වලට ඇතුළත් කෙරිණි.
මේ අතර ඊයේ(29) උදෑසන කළුතර, බෝම්බුවල ප්‍රදේශයේදී වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ට පහරදී රාජකාරියට බාධා කළ සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට රැගෙන එ්මට උත්සාහ කිරිමේදී සැකකරුවන් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර පහර දී තිබේ.
පොලීසිය පැවසුවේ, පහරකෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයකු ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවය.
පොලීසියට පහරදුන් එක් සැකකරුවෙකු නාගොඩ රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගත්තේ ය.