by Staff Writer . 30-10-2021 | 7:52 PM
COLOMBO (NEWS1ST): මොරටුව, මාදංගහවත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් 16 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
ඒ ඔවුන් අද (30) පස්වරුවේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ රාත්‍රියේ මොරටුව, මාදංගහවත්ත ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් පහර දෙන බවට ලද තොරතුරකට අනුව මොරටුව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මාදංගහවත්ත ප්‍රදේශයට ගොස් තිබිණ.
එහිදී අදාළ ගැටුමට සම්බන්ධ පිරිසක් පිරිසක් පහර දීමෙන් මෙම පොලිස් නිලධාරීහු දෙදෙනා තුවාල ලැබූහ.
ඉන් එක් පොලිස් නිලධාරියෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පොලිස් නිලධාරියා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරිණ.
අදාළ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් 19 දෙනෙකු මාරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, අද පෙරවරුවේයි.
මේ පිරිස අත්අඩංගුවට ගැනීමත් සමග අද මොරටුව පොලිස් ස්ථානය ඉදිරිපිට පැවතියේ, මෙවැනි තත්ත්වයකි.
සැකකරුවන් අද (30) පස්වරුවේ, මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී කාන්තාවන් තිදෙනෙකුට ඇප ලබා දුන්නේ ය.
අධිකරණය නියෝග කළේ, අනෙක් සැකකරුවන් නොවැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.