පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි තිදෙනෙකු කොටු..

පොලීසියෙන් යැයි පවසා පුද්ගලයෙකු පැහැර ගෙන කප්පම් ගත් තිදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 30-10-2021 | 2:19 PM

COLOMBO (NEWS1ST) : පොලිස් නිලධාරීන් යැයි පවසා, ග්‍රෑන්ඩ්පාස් මෝලවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් අදාළ පුද්ගලයා වත්තල, මා‍බෝල ප්‍රදේශයේ නිවසක බලහත්කාරයෙන් රඳවා තබාගෙන රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවයි. අනතුරුව පැහැර ගැනීමට ලක් වූ පුද්ලගයාගේ බිරිඳ විසින් සැකකරුවන්ගේ ගිණුමකට රුපියල් ලක්ෂයක මුදලක් බැර කර තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් කප්පම් මුදල ලබා ගත් පසුව පැහැර ගත් පුද්ගලයාට රුපියල් 1,000ක් ලබාදී වත්තල, මාබෝල ප්‍රදේශයේදී මුදා හැර ඇති බවය. ඔහු කළ පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂණවලදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28, 35 සහ 44 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.