COLOMBO (NEWS1ST): මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණියේ ය.
ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා විසිනි.
අනතුරුව මුදල් අමාත්‍යවරයා ශ්‍රී දළඳා මාලිගාවට පැමිණීම නිමිත්නෙන් දියවඩන නිලමේවරයා සමරු තිළිණයක් ද ප්‍රදානය කළේ ය.
මුදල් අමාත්‍යවරයා පැවසුවේ, රටටත් ජනතාවටත් හොඳ අය වැයක් ඉදිරිපත් කිරීමට තමාට වාසනාව ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.
''මම රටේ ජනතාව වෙනුවෙන් අය වැය ඉදිරිපත් කරන්න ඉස්සල්ලා ශ්‍රී දළඳා වහන්සේගේ ආශ්‍රිර්වාදය ප්‍රාර්ථනා කරගෙන තමයි. මෙතනට පැමිණියේ. ඉතින් මට වාසනාව ලැබෙයි කියලා හිතනවා. රටටත් ජනතාවටත් හොඳ අයවැයක් ඉදිරිපත් කරන්න''
මාධ්‍යවේදී ප්‍රශ්නය :- දැන් යුගදනව් විදුලිබලාගාරය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. සර්, ඊයේ පක්ෂ 11 කුත් එකතු වෙලා විශේෂ රැස්වීමකුත් තිබුණා. සර්, ඒක ගැන ඔබතුමාගේ අදහස ?
පිළිතුර (බැසිල් රාජපක්ෂ) :- ඒක ගැන තාම කල්පනා කළේ නැහැ.
මාධ්‍යවේදී ප්‍රශ්නය :- සර් මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරලා තියනවා. මුදල් ඇමතිතුමා හැටියට....?
පිළිතුර (බැසිල් රාජපක්ෂ) :- එහෙම නම් මට දන්වලා නැහැ.
දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මහල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමට ද ගොස් තිබූ අතර එය ආවරණය කිරීමට මාධ්‍යට අවස්ථාව හිමිව නොතිබිණ.