ඉන්දුනීසියානු කතුන් ගණිකා සේවයේ යෙදවීමේ ජාවාරමක්..

ඉන්දුනීසියානු කාන්තාවන් මෙරට ගණිකා සේවයේ යෙදවීමේ ජාවාරමක්..

by Staff writer 30-10-2021 | 2:12 PM

COLOMBO (NEWS1ST) : ඉන්දුනීසියානු කාන්තාවන් මෙරට ගණිකා සේවයේ යෙදවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ගල්කිස්ස, සේරම් පාර ප්‍රදේශයේ කළ වැටලීමකින් ය. වැටලීමේදී ඉන්දුනීසියානු ජාතික කාන්තාවන් 05 දෙනෙකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර කළමණාකාරවරයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වලාන දූෂණ මර්දන ප්‍රහාරක එ්කකයට ලද තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් 51, 31, 28 සහ 35 වයස්වල පසුවන්නන් ය. සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.