අපි වෙනස් වෙනව ද? අනිත් අය වෙනස් වෙනකම් බලන් ඉන්නවද? - ආචාර්ය සුලෝචනා සිගේරා

by Staff Writer . 30-10-2021 | 11:26 PM

COLOMBO (NEWS1ST): 2021 නව පරපුරේ සම්මාන උළෙල ඊයේ (29) පස්වරුවේ පැවැත්විය.

ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජාතික තරුණ සේවා සභාව සහ කාන්තා කළමනාකාරීත්ව ආයතනය එක්ව සංවිධානය කළ මෙම උළෙලේදී ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දක්ෂතා සහ කුසලතා දැක් වූ තරුණ තරුණියෝ සම්මානයට පාත්‍ර වූහ. පසුව කාන්තා කළමනාකාරීත්ව ආයතනයේ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය සම්මාන උළෙල අමතා අදහස් පළ කළා ය. ඇය පැවසුවේ, රට ඉදිරියට ගෙන යාමට නම්, තරුණ, තරුණියන් රට තුළ තබා ගත යුතුව ඇති බවත් ඒ සඳහා වන ක්‍රමවේදය දේශපාලනමය වශයෙන් පමණක් සෙවිය නොහැකි බවයි.
''ඔයගොල්ලන් අවෝර්ඩ් එක හම්බුණාට පස්සේ මම හිතනවා. එන සුමානේ අපි නිවුස් බලද්දී දකින්නේ නෑ කියලා පාස්පෝර්ට් ඔෆිස් එක ගාව තරුණයෝ පෙළ ගැසී සිටිනවා. දුකයි.. හැබැයි පෞද්ගලික බැලුවොත් සාධාරණයි. අද රටේ තරුණ නායකයෝ දෙන්නෙක් ඉන්න හින්දම මම මේක කියන්නම්.. ඔබට රටක් නායකයෙක් වෙන්න,, ඔබට රටක් ගෙනියන්න මේ තරුණයන්ව, තරුණියන්ව රටේ තියාගන්නම වෙනවා. ඒකට ක්‍රමවේදය දේශපාලන වශයෙන් විතරක් හොයන්න බැහැ. දේශපාලනඥයෝ එන්නේ අවුරුදු 5කට.. අපිට තියෙන්නේ ජීවිත කාලෙම මේ රට.. එහෙනම් අපි වෙනස් වෙනවාද.. අනිත් අය වෙනස් වෙනකම් අපි බලන් ඉන්නවාද කියලා පොඩ්ඩක් තට්ටු කරලා බලන්න''
මේ අතර සම්මාන උළෙල ඇමතූ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''අපි එදා කතා කරා ලංකාව අපි මහා දැවැන්ත ආර්ථිකයක් හිමි රටක් බවට පත් කරන්න ඕනි කියන කාරණය. මේ තරුණයන්ගේ කුඩා කාලයේ කල්පනා කරන්න ඇති ප්‍රංශෙට පුළුවන් නම් ලොකු කුළුණු හදන්න ඇයි අපිට බැරි කියලා. අපි හැදුවා.. එක්තරා කණ්ඩායමක් කිව්වා මේ මුහුද ගොඩ කරලා නගර හදන්න අපිට බෑ මැදපෙරදිගට පුළුවන් කියලා. හැබැයි අපි පෝර්ට්සිටි එක හැදුවා. එහෙම නම් වැරැද්ද තියෙනනේ හදන යටිතල පහසුකම්වල ගොඩනැගිල්ලෙ ද.. ඒක පාවිච්චි කරන්න සූදානම් වන අපේද කියන මේ රටේ තරුණ පරම්පරාව හදවතින් අහන්න ඕන.''