මහ වැස්සෙන් මධ්‍යම කඳුකරයේ මාර්ග අවහිර වෙයි

EXTREME WEATHER: මහ වැස්සෙන් මධ්‍යම කඳුකරයේ මාර්ග රැසක් අවහිර වෙයි

by Staff Writer . 29-10-2021 | 8:27 PM

COLOMBO (NEWS1ST):  අධික වැසි හේතුවෙන් මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ රැසක මාර්ග අවහිර වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ජී. එල්. එම්. උදයකුමාර මහතා සඳහන් කළේ, ඇල්ල , නමුණුකුල හරහා පස්සර මාර්ගය පස්කඳු කඩා වැටීමෙන් අවහිර වී ඇති බවයි. එමෙන්ම බදුලු ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් ඇතැයි ඔහු සඳහන් කළේ ය. මේ අතර ඉදිරි පැය 24 තුළ උතුරු පළාතෙත්, අනුරාධපුර , පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.