by Staff writer 29-10-2021 | 10:03 PM
COLOMBO (NEWS1ST) : සිය තානාපති වරප්‍රසාද අහිමි කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කිරිම අභියෝගයට ලක් කරමින් අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) ප්‍රතික්ෂේප කළේ ය.
ඒ, අභියාචනාධිකරණය විසින් 2018 මාර්තු 29 වැනදා නිකුත් කළ නියෝගය අද තහවුරු කරමින් ය.
2017 වසරේ ඔක්තොම්බර් 23 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති වරප්‍රසාද ඉවත් කර තිබූ අතර එම තීරණයට එරෙහිව ඔහු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේ ය.
අභියානාධිකරණය එය ප්‍රතික්ෂේප කළේ, පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමකින්ද තොරවයි.
අභියාචනාධිකරණයේ එම නියෝගය බලරහිත කර තමාට තවමත් තානාපති වරප්‍රසාද හිමි බවට අමෙරිකානු බලධාරීන්ට දන්වා යවන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කරන්නැයි ජාලිය වික්‍රමසූරිය මහතා එම විශේෂ අභියාචනා පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.