COLOMBO (NEWS1ST) : අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනිදා අලුයම 4 .00 ට අවසන් කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඒ, අද(29) පෙරවරුවේ රැස්වූ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදීය.
මේ අතර,
? අ.පො.ස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ පංති ඇරඹීමේ තීරණයක්
? පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත..
?පවතින තත්ත්වය පාලනයට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට වැඩි වගකීමක් ...
? සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් තීරණ රැසක් ...
? එන්නත්කරණය පිළිබඳ ජනතාව බිය ගන්වන සංවිධානගත කණ්ඩායම් පිළිබඳ සොයාබලන්නැයි පොලිස්පතිට උපදෙස් ..
යන තීරණවලටද එළැඹ තිබේ.
නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයන්ට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ ලබාදී තිබේ.
ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැනුවත් කර පාසල් ආරම්භ කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නේ ය.
පොදු ස්ථාන, වෙළඳසැල්, ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බැලීමට ද තීරණය කෙරිණි.