by Staff writer 28-10-2021 | 10:39 AM
COLOMBO (NEWS1ST) – සීනී ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය බැංකුවලට මුදා හරින්නැයි සීනි ආනයනකරුවන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එසේ කිරීමෙන් සීනි ආනයනය විධිමත් කර පාලන මිලට දීමට හැකියාව පවතින බවය.
අමාත්‍යවරයා සමග සීනි අනයනකරුවන්ගේ සංගමය සමග ඊයේ (27)පස්වරුවේ ඒ පිළිබඳ සාකච්ඡා කළ බව ද ඔහු පැවසුවේ ය.
සීනි සඳහා පාලන මිලක් පනවා තිබුණද බොහෝ වෙළෙඳසැල්වල එම මිලට සීනි අලෙවි කෙරෙන්නේ නැහැ.
සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 122 කටත් රතු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත් අලෙවි කළ යුතු බවට නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා මෙම පාලන මිළ නියම කළේ ය.