Port City එකෙන් තවත් නව අත්දැකීමක්

මෙරට වැලිමත දිවෙන පළමු ධාවන පථය විවෘත කෙරේ..

by Staff writer 28-10-2021 | 10:00 PM

COLOMBO (NEWS1ST) – මෙරට අනාගත විදෙස් ආයෝජන බලාපොරොත්තුව වන කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරකම් ගණනාවක් මේ දිනවල ආරම්භ කරමින් තිබේ.

වරාය නගරයේ ඉදිකළ මෙරට පළමු වැලිමත දිවෙන ධාවන පථය අද(28 ) පෙරවරුවේ විවෘත කළේය. ඒ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ් අනුව, ත්‍රාසජනක ක්‍රීඩා අත්දැකීම විඳගැනීමේ අවස්ථාව අද සිට මහජනතාවට උදාවෙයි. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද එම නව අත්දැකීම අද ලබා ගත්තේ ය.