රජය මුඩීස් වර්ගීකරණය පිළිබඳ අප්‍රසාදය පළ කරයි

මූඩීස් වර්ගීකරණය පිළිබඳව මහ බැංකුව අප්‍රසාදය පළ කරයි

by Staff Writer . 28-10-2021 | 10:28 PM

COLOMBO (NEWS1ST):  ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බව මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසයි.

ඒ ඔවුන්ගේ නවතම වාර්තාවත් එළි දක්වමිනි. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මුඩීස් ආයනය මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ වැරදි වේලාවක බවයි. ශ්‍රී ලංකා රජය අයවැය ඉදිරිපත් කිරීමට සැරසි ඇති මොහොතක රටේ ආර්ථික හැකියාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් පත්කර ඇති මෙම වාර්තාව පිළිබඳ කනගාටු වන බව ද මහ බැංකු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.