රිය අනතුරුවලින් කුඩා දැරියක් ඇතුළු 5 ක් මරුට

පැය 24 ක් තුළ රිය අනතුරුවලින් කුඩා දැරියක් ඇතුළු 5 ක් මරුට

by Staff writer 28-10-2021 | 11:53 AM

COLOMBO (NEWS1ST) – පසුගිය පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කාත්නන්කුඩි, බුත්තල, ඉංගිරිය, දික්වැල්ල හා කොටවිල යන පොලිස් බල ප්‍රදේශවලින් එම රිය අනතුරු වාර්තා වන බවය. දික්වැල්ල, බතීගම, රත්මලේ අතුරු මාර්ගයේ තලහිටියාව පාසල අසළදී යතුරු පැදියක් හා ටිපර් රථයක් ගැටීමෙන් අවුරුදු 03යි මාස 06 ක් වයසැති දැරියක් මියගොස් තිබේ. තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කෙරිණි. මේ අතර ගාලු පාරේ කොටවිල , බණ්ඩාරමුල්ල ප්‍රදේශයේදී පදික මාරුවක් මතින් ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කළ වෑන් රථයක් පලා ගොස් තිබේ. පොලීසිය පැවසුවේ අනතුරෙන් තුවාල ලැබූ 40 හැවිරිදි පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවය. ඉංගිරිය, පාදුක්ක මාර්ගයේ අරකාවිල ප්‍රදේශයේ මෝටර් රථයක ගැටී 62 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය. බුත්තල - බඩල්කුඹුර මාර්ගයේ රාජකණ්ඩිය ප්‍රදේශයේදී හා කල්මුණේ - මඩකලපුව මාර්ගයේ කලවංචිකුඩි , ගුඩිවින් ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් ගැටී 20 හැවිරිදි තරුණයෙකු මිය ගියේ ය.