''ආණ්ඩුවක් විදිහට මේක මාකට් කරගන්න බැරිවුණා''

කාබනික පොහොර වෑයමට සෙසු අමාත්‍යංශ නිහඬ ඇයි? කෘෂිකර්ම ඇමතිගෙන් දොස්

by Staff Writer . 28-10-2021 | 10:19 PM

COLOMBO (NEWS1ST):  කාබනික පොහොර වැඩපිළිවෙළ නිසි ලෙස ප්‍රවර්ධනය කර ගැනීමට නොහැකිවීම සිදුවූ විශාලම වරදක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

තව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ, සෞඛ්‍ය හා පරිසර යන අමාත්‍යාංශ දෙක මෙම වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා නොකළ බවයි.
''අපි පිළිගන්න ඕනේ ආණ්ඩුවක් විදිහට මේක මාකට් කරගන්න බැරිවුණා. අපිට ජනාධිපතිතුමා ගත්තු තීන්දුව පිළිබඳව වැඩියෙන්ම කතා කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි එන්න ඕනේ එළියට බැහැලා. මේක ගැන කියන්න ඕනේ.මේකේ ප්‍රතිලාභ හම්බවෙන්නේ කාටද? හැබැයි ඒ සෞඛ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳ එක දවසක් කතා කළා ද? ඊළඟට පරිසර අමාත්‍යාංශය පරිසරයට මේකෙන් වන හානිය මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය කතා කළා ද? ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට මම ඒක එදත් කිව්වා මේක මාකට් කරගන්න බැරිවුණා.මේ මාකට් කරගන්න බැරිවෙච්ච එක තමයි අපි කරගත්ත අපි අතින් වෙච්ච ලොකුම වැරැද්ද''