by Staff writer 28-10-2021 | 5:21 PM
COLOMBO (NEWS1ST) – ක්ෂේත්‍ර රාජකාරි සඳහා අත්‍යවශ්‍ය වාහන 164 ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද(28) රාජ්‍ය ආයතනවලට පිරි නැමුණි.
ඒ සඳහා වන උත්සවය පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී ය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සුවසැරිය ගිලන් රථ සේවයට ගිලන් රථ 50 ක් ලබාදුන් අතර ජල බවුසර් 52 ක් සහ කැබ් රථ 62 ක් වනජීවි දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රදානය කෙරිණි.
ජපාන සහයෝගිතා ක්‍රමය යටතේ පිරිනැමුණු යතුරුපැදි 150 ක් නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට භාරදීම ද ජනාධිපතිවරයා අතින් අද සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් ය.