අඩු පීඩන කලාපයේ බලපෑමෙන් අදත් තද වැසි..

අඩු පීඩන කලාපයේ බලපෑමෙන් අදත් තද වැසි..

by Staff writer 28-10-2021 | 8:34 AM

COLOMBO (NEWS1ST): දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 වැඩි තද වැසිද ඇතිවිය හැකි ය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.