සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්..

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට..

by Staff writer 27-10-2021 | 10:41 AM

COLOMBO (NEWS1ST):  ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය. ඇය, හෙට(28) එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස සේවය කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය, වෘත්තියෙන් ගණකාධිකාරීවරියක්ය. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු විය.