රුසියානු හමුදාවෙන් ඉගෙනගත හැකි දේ බො‌හෝමයි

රුසියානු හමුදාවෙන් අපට ඉගෙනගත හැකි දේ බො‌හෝමයි - යුද හමුදාපති

by Staff writer 27-10-2021 | 9:31 PM

COLOMBO (NEWS1ST): රුසියාවේ සංචාරයක නිරත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, රුසියානු එක්සත් සමූහාණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඒ, රුසියාවේ මොස්කව් නුවරදී ය. මෙම සාකච්ඡාවේදී ද්විපාර්ශවික සම්බන්ධතාවල වැදගත්කම පිළිබඳව අවධානය යොමුව තිබේ. ජෙනරල් ඔලෙග් සැලියුකෝව් - රැසියානු එක්සත් සමුහ ආණ්ඩුව භුමි මෙහෙයුම් හමුදා ප්‍රධානී යුද හමුදාපතිතුමනි, ඔබ ඇතුළු පිරිස පිළිගැනීම සඳහා අද උදෑසන ක්‍රෙම්ලීනය ආසන්නයේ නිළ උත්සවයක් පැවැත්වුණා. ඔබ දන්නවා මෙවැනි උත්සව අප සෑම දෙනාටම සංවිධානය නොකරන බව. මින් සනාථ වන්නේ අපිට ඔබේ පැමිණීම සහ දෙරටේ සබඳතාවය කෙතරම් සුවිශේෂිද යන වග. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ ආකාරයේ සංචාරයක් මගින් අපි බලාපොරොත්තු වෙනවා, ශ්‍රී ලංකා හමුදාව සහ රුසියානු හමුදාව අතර ඉතා සමීප සම්බන්ධතා ඇති කර ගන්න. වර්තමානයේ අපි උත්සාහ කරන්නේ අප හමුදාවේ වෘත්තීමය භාවය වැඩි දියුණු කර ගැනීමටයි. ඒ සඳහා රුසියානු හමුදාවෙන් අපට ඉගෙන ගත හැකි දේ බොහෝම වන අතර ඔබෙන් ඒ සඳහා සහය ද අපි බලාපොරොත්තු වෙනවා. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම හමුවෙන් අනතුරුව මොස්කව්හි පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසලේද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.