''අපි පිළිගන්න ඕන දේශීය විශේෂඥයින්ගෙ නිර්දේශ''

''රටවල්වල යුද්ධ ඇති වුණාම නම්, තුන්වන පාර්ශ්ව ඕන වෙනවා'' - හිටපු ජනපති

by Staff Writer . 27-10-2021 | 10:05 PM

COLOMBO (NEWS1ST):  චීන පොහොර පරීක්ෂා කිරීමකට තුන්වැනි පාර්ශ්වයක් අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, දේශිය විශේෂඥයින් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කර ලබාදුන් නිර්දේශ පිළිගත යුතු බවයි. මෙවැනි කාරණාවලදී තුන්වන පාර්ශවයක් අවශ්‍ය නොවන බව අවධාරණය කරන හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, රටවල් 2ක් අතර යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදී නම්, එවැන්නක් සමනය කිරීමට තුන්වන පාර්ශවයක මැදිහත්වීමක් අවශ්‍ය බවයි.
''චීනෙට තියා බලුකිස්ථානෙටවත් පුළුවන් කමක් නෑ. අපේ රටට වැලි ඇටයක් වත් දාන්න. බලහත්කාරයෙන් දානවා නම් ඒක වැරදියි. දේශිය විද්වතුන් විශේෂඥයින් මේ පිළිබඳව තත්ත්ව පරීක්ෂණ කරලා නිර්දේශයක් දුන්නා නම් ඒක තමයි අපි පිළිගන්න ඕන. මේ වගේ දේවල්වලට තුන්වන පාර්ශ්ව අවශ්‍ය නෑ. මොකද තුන්වන පාර්ශ්ව අවශ්‍ය වෙනවා. රටවල්වල යුද්ධ ඇති වුණාම නම්, රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති වුණාම නම් අන්න තුන්වැනි පාර්ශ්වයක් මැදිහත්වෙනවා. ඒක සමනය කරන්න. ඒක නිසා මේක මේ පොහොර ප්‍රශ්නය,ඒක මේ සාමාන්‍යයෙන් අපි මිලට ගන්න දෙයක් නේ''