රාජ්‍ය සේවා සහ මැතිවරණ කොමිසමට නව සාමාජිකයින් 2ක්

මැතිවරණ කොමිසමට සහ රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙක්..

by Staff writer 27-10-2021 | 4:06 PM

COLOMBO (NEWS1ST): මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත් කිරීම සඳහා ජනාධිපතිවරයා කළ යොජනාවට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වී ති‌බේ.

ඒ, ජීවන් ත්‍යාගරාජා මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වු පුරප්පාඩුව සඳහායි. පී. එස් .එම් චාල්ස් මහත්මිය මීට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය ලෙසත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙත්, රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙත් කටයුතු කර තිබේ. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත්‌තේ ය. මේ අතර සී. සිවඥානසෝති මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා සුන්දරම් අරුමෙයිනායහම් මහතා පත් කිරීමට ද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වී තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පැවසුවේ, ඔහු මීට පෙර විදේශ රැකියා සහ වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක ලේකම්වර‌යෙකු ලෙස කටයුතු කර ඇති බවය.