ඩග්ලස් මුන්රෝ නෞකාව නාවික හමුදාවට

ඩග්ලස් මුන්රෝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට

by Staff writer 27-10-2021 | 9:54 PM

COLOMBO (NEWS1ST): අමෙරිකානු වෙරළාරක්ෂක නෞකාවක් ලෙස යොදා ගැනුණු ඩග්ලස් මුන්රෝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් භාර ගැනිණි.

ඒ, අමෙරිකාවේ සියටැල් වරායේ පිහිටි වෙරළාරක්ෂක කඳවුරේදී ය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා එක්ව සිටි අතර පී. 627 ලෙසින් මෙම නෞකාව අප නාවික හමුදා බලඇණියට එක්වනු ඇති. මෙම නෞකාව අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට ලබා දුන් තෙවැනි නෞකාවයි. දිගින් මීටර් 115ක් වන මෙහි උපරිම වේගය පැයට නාවික සැතැපුම් 29කි. නවීකරණ කටයුතු වලින් හා ඒ සඳහා අනියුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට ලබාදෙන පුහුණුවෙන් අතර මෙම නෞකාව ලබන වසරේදී ශ්‍රී ලංකාවට ළඟා වෙනු ඇති. එම මුහුදු ගමන ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක් ගමන් ගන්නා දීර්ඝතම මුහුදු ගමන ලෙස ඉතිහාසයට එක්වීමට ද නියමිත ය.