රත්ගම සහ ඇහැලියගොඩකළ වැටලීම්වලදී ගිනි අවි 2 ක් සමග තිදෙනෙකු කොටු..

රත්ගම සහ ඇහැලියගොඩකළ වැටලීම්වලදී ගිනි අවි 2 ක් සමග තිදෙනෙකු කොටු..

රත්ගම සහ ඇහැලියගොඩකළ වැටලීම්වලදී ගිනි අවි 2 ක් සමග තිදෙනෙකු කොටු..

කර්තෘ Staff writer

27 Oct, 2021 | 9:05 am

COLOMBO (NEWS1ST): රත්ගම සහ ඇහැලියගොඩ ප්‍රදේශවල කළ වැටලීම්වලදී ගිනි අවි 02ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුලි 21 වැනිදා රත්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සතුව තිබී එක් ගිනි අවියක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, 24 සහ 27 හැවිරිදි සැකකරුවන් සතුව තිබී කඩුවක් ද පොලිස් භාරයට ගත් බවය.

ඔවුන් රත්ගම සහ බූස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මේ අතර ඇහැලියගොඩ , මිටිපොල ප්‍රදේශයේ විදේශ රටක නිෂ්පාදිත බොර 12 වර්ගයේ ගිනි අවියක් සමග 36 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් පිරිසක් කළ වැටලීමකින් ය.

සැකකරුවන් ගාල්ල සහ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]