මෙරට 60%ක් පූර්ණ එන්නත්කරණය කර අවසන්..

මෙරට ජනගහනයෙන් 60%ක් පූර්ණ එන්නත්කරණය කර අවසන්..

by Staff writer 27-10-2021 | 11:16 AM

COLOMBO (NEWS1ST): මෙරට ජනගහනයෙන් 60%ක් මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ , තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේ වනවිට ලැබෙමින් ඇති බවයි. අද(27) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.