English
தமிழ்
කර්තෘ Chathurika Jayasundara
27 Oct, 2021 | 6:51 pm
එවැනි පසුබිමක සිය රාජකීය සැප සම්පත් සියල්ලම අත්හළ පෙම්වතියකගේ පුවතක් ජපානයෙන් වර්තා වේ.
ඒ , ජපානයේ මාකෝ කුමරිය (Princess Mako) සාමාන්‍ය පුරවැසියෙකු වන කෙයි කොමුරෝ (Kei Komuro) විවාහ වී රජ පවුලෙන් නික්මුණු පුවතයි.
ඇය සිය පදවි නාමය, රාජකීය පෙළපත, සිය පවුල තුළ අසීමිත ගෞරවාදරය, ජපාන ජනතාවගේ ගරු බුහුමන් සියල්ල ඇය ආදරය හමුවේ දෙවැනුවට තැබුවා ය.
එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ප්‍රේමයකි.
මාකෝ කුමරියගේ හා කොමුරෝ විවාහය සිදු වූයේ, රජ පවුලේ විවාහයකට හාත්පසින්ම උත්සවයකදීය.
ඒත් සමගම මාකෝ කුමරිය සිය රජ පෙළපතින් ඉවත් වීම ද සිදු විය.
ඒ අනුව, මාකෝ කුමරිය සිය ප්‍රේමයේ නාමයෙන් රජ සැප අතහැර විවාහ ගිවිස ගත්තේ, වසර ගණනාවක සිය සරසවි ප්‍රේමය මල්ඵල ගන්වමිනි.
සිංහාසනයට උරුමකම් කිව නොහැකි සහ සාමාන්‍ය වැසියෙකු සමග විවාහ වේ නම්, කාන්තාවන් එම රාජ පවුල හැර යා යුතු යුතු ය .
සාමාන්‍ය පුරවැසියෙක් බවට පත්වූ විට ලැබෙන අමෙරිකානු ඩොලර් 1.3ක මුදලක් ද මාකෝ කුමරිය ප්‍රතික්ෂේප කර තිබීම ද, මෙහි විශේෂත්වයකි.
වසර 30ක් හැදීවැඩුණු රජ මාළිගය දැන් ඇයට අකැපය.
ඇයද සාමාන්‍ය බිරියක මෙන් එදිනෙදා ජීවිතය ගෙවා දමන යන කාන්තාවක් ලෙස නව ගමනක් අරඹනු ඇති .
රජ පවුලේ මෙන් දාසියන්ගේ සේවය ඇයට මින් ඉදිරියට නොලැබෙනු ඇත.
කෙසේ නමුත් ජපාන ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තා කළේ, කොමුරෝගේ පවුල දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති ඇති බවය.
රාජකීයන් ඇති මාධ්‍ය අවදානය නිසාම මාකෝ කුමරියට මානසික රෝගී තත්ත්වයක් ද ඇතිවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විවාහයෙන් පසුව නව යුවල නිව්යෝර්ක් නගරයේ පදිංචියට යෑමට නියමිත ය.
කෙසේ වෙතත් , රජ කුමරියක ලෙස ඉපිද සාමාන්‍ය තරුණයෙකු හා පෙමින් බැඳී රාජකීයත්වයට පයින් ගැසීමට කුමරිය ගත් තීරණය විස්මයජනකය.
30 Jun, 2022 | 06:58 PM
28 May, 2022 | 10:03 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS