home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
'එක් රටක් එක් නීතියක්' ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතීත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්..
by Sagarika Chathumali
27-10-2021 | 8:22 AM
COLOMBO (NEWS1ST): ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේගේ සභාපතීත්වයෙන් 'එක් රටක් එක් නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කරනු ලැබ තිබේ.
සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකාය මෙසේයි. 1. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ 2. මහාචාර්ය දයානන්ද බණ්ඩා මහතා 3. මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ මහතා 4. මහාචාර්ය සුමේධ සිරිවර්ධන මහතා 5. එන්.ජී. සුජීව පණ්ඩිතරත්න මහතා 6. නීතිඥ ඉරේෂ් සෙනවිරත්න මහතා 7. නීතිඥ සංජය මාරඹේ මහතා 8. එරන්ද නවරත්න මහතා 9. පානි වෑවල මහතා 10. මව්ලවි මොහොමඩ් (ගාල්ල උලමා සභාව) 11. කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් මහතා 12. කලීල් රහුමාන් මහතා 13. අසීස් නිසාර්දීන් මහතා මෙලෙස පත්කරන ලද කාර්ය සාධක බලකායේ කාර්යයන් වන්නේ, 1. ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම. 2. අධිකරණ අමාත්‍යංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස්කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන වේ නම්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝජනා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම. අදාළ කාර්ය සාධක බලකාය අවම වශයෙන් මසකට වරක් වාර්තා ඉදිරිපත් කළ යුතු අතර, එහි අවසන් වාර්තාව 2022 පෙබරවාරි මස 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු වේ. ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් යුත් මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ලෙස කටයුතු කරනු ලබන්නේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මියයි.
වෙනත් ලිපි
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්..
ගුවන් යානා නඩුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කරන්න...
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට...
කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ සිට
සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online අකාරයට...
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවලට විසඳුම්.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය