යුද හමුදාපති රුසියාවේ සංචාරයක....

යුද හමුදාපතිවරයාට රුසියාවේදී විශේෂ පිළිගැනීමක්....

by Staff Writer . 26-10-2021 | 8:43 PM

COLOMBO (NEWS1ST):  රුසියාවේ සංචාරයක නිරත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මොස්කව් නුවරදී එරට හමුදා ගෞරවාචාරය පුද කෙරිණ.

යුද හමුදාපතිවරයා මෙම සංචාරයේ නිරතවන්නේ රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් මහතාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරාධනයෙනි. ඛණ්ඩ හතරකින් සහ හමුදා තූර්යවාදක කණ්ඩායමකින් සැදුම් ලත් සම්මාන ආචාර පෙළපාළියක් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් මොස්කව් නුවරදී පිරිනැමිණ. ගෞරවාචාරවලින් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ පිහිටි රුසියානු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේ ය.