මුල්ලේරියාවේ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

මුල්ලේරියාවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff Writer . 26-10-2021 | 8:42 AM

COLOMBO (NEWS1ST): මුල්ලේරියාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද උදෑසන 6.30ට පමණ මුල්ලේරියාව, කොටිකාවත්ත දෙල්ගහවත්ත නිවසකට කඩා වැඳුණු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබිණ. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි තන්තිරිගේ නුවන් මිලින්ද නමැත්තකි. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි. ඔහු මුලින් තලංගම රෝහලට අතුළත් කර ඇති තුවාලකරු පසුව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මේ ඝාතනය පිටුපස තිබෙන්නේ පාතාල සම්බන්ධතා නැතිනම් මත්ද්‍රව්‍ය ජාවාරම් ද ? පොලීසිය මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටී.