by Staff Writer . 26-10-2021 | 12:09 PM
COLOMBO (NEWS1ST): පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා , කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරුවලින් ඉවත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශ ලේකම්වරයා මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවයි.
ඒ අනුව බුද්ධි මාරඹේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් සහ කුඩා ව්‍යාපාර කෘෂි වැඩසටහනේ උපදේශක ධුරයෙන් ඉවත් කර ඇතැයි සඳහන් ය.