තවත් කොවිඩ් ආසාදිත මරණ 14 ක්

මරණ සංඛ්‍යාව 13,654 ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 26-10-2021 | 7:01 PM

COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 14 ක් අද (26) වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,654 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 9 දෙනෙකු පිරිමි ආසාදිතයින් වන අතර ඉතිරි 5දෙනා කාන්තා ආසාදිතයින් ය. මියගිය අය අතර වයස අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු ද වේ. වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 2 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 11 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (26) වාර්තා කරන ලද මෙම මරණ 14 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.