පහළ වායුගෝලය කැළඹෙයි... ප්‍රදේශ රැසකට අධික වැසි

පහළ වායුගෝලය කැළඹෙයි... ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

by Sagarika Chathumali 26-10-2021 | 5:16 PM

COLOMBO (NEWS1ST):  සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම, මුලතිව් සහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වන බව ත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (26) දහවල් 12 ට නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණයට බලපෑම් ඇති කරනු ඇති බවයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එහි සඳහන් ය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු නිසා සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.