.webp)
''ඒ ගොල්ලන් ඉල්ලිමක් කළේ, අපේ රටේ තියන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බැහැ මොකද ඇක්ක්රෙඩිටට් ඒවා නෙවෙයි එතකොට අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි. ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා මෙහේ බාන්නත් එපා මේහේ ගේන්නත් බෑ කියලා ඉල්ලීමක් කළා මේක ලෝකයේ රටවල් ප්‍රධාන ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ ප්‍රධාන රටවල් 16 කට පොහොර ගෙනියන පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් ඒ නිසා මේකේ ප්‍රමිතිය පිළිබඳව අපට අවබෝධයක් ගන්න කියලා. අපි කිව්වා. අපි දෙගොල්ලොම කැමති වෙන තුන් වෙනි පාර්ශ්වකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා ඊට පස්සේ අපි තීරණයක් ගමු කියලා''මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ, තුන්වන සාම්පලය ලබා ගන්නේ, පොහොර ගෙන එන බව කියන නැවෙන්ම ද යන්නයි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එය සිදුකරන ආකරය පිළිබඳව අදහසක් නොමැති බවත් තවම එය තීරණය කර නාමැති බවත් ය.
''තවම අපි ඒක තීරණය කළේ නැහැ. අපට අදහසක් නැහැ. මේක කරන විදිහ චීන මහකොමසාරිස් තුමාට මම ඊයේ ඒක පැහැදිලි කරලා දුන්නා අපිට තරහට කරපු දෙයක් නෙවෙයි. මට ඕන වුණත් ගෙන්වන්න බෑනේ මේ රටේ කොරන්ටයින් නිතීයක් තියනවා. ඒ අය ලෑස්ති ඒ පාඩුව විඳ දරාගෙන නැවත ප්‍රෝසස් කරලා අපට පෙන්වන්න. අපි කිව්වා එතනදී අපි බලමු කියලා ගැටලුවක් නෑ කියලා. අපි ඇත්තටම ගියේ මේක ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට හානියක් වේවි පාඩුවක් වෙයි කියන එක පිළිබඳව අපි නෙවෙයි මොකද? වෙලාවට මේ චීන එක එපා කියලා ගත්තේ ඉන්දියාවේ එකනේ එතකොට ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක් විසඳන්න තමයි මම ගියේ අපේ ප්‍රශ්නයක් විසඳන්න නෙවෙයි මොකද අපි කරේ වෙළඳාමක්''
කාබනික පොහොර රැගෙන පිටත්වූ හිපෝ ස්පිරිට් නැවට මොකද වුණේ?
චීනයේ චින්දාඕ වරායෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 රැගෙන පිටත්වූ හිපෝ ස්පිරිට් නැව පිහිටි ස්ථානය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිවැරදිව සොයා ගැනීමට නොහැකි වන අයුරින් කොළඹට යාත්‍රා කරමින් ඇතැයි, පසුගිය දින කිහිපයේම වාර්තා විය. නැව පිහිටි ස්ථානය පිළිඹිබු නොවුණ ද නාවික ගමනාගමන දත්ත පද්ධතිවල අවසන්වරට සටහන්ව තිබුණේ, මෙම නැවේ ගමනාන්තය කොළඹ ලෙසත් එය ඊයේ පස්වරුව වනවිට කොළඹට ළඟා වන බවත් ය. මේ අතර ෂිප් ඉන්ෆෝ නමැති ජාත්‍යන්තර නාවික දත්ත සටහන් අනුව හිපෝ ස්ප්රිට් නෞකාව පෙර භාවිතා කළ වෙනත් නමකින් ශ්‍රී ලංකා මුහුදට ඇතුළුවී ඇතැයි අනාවරණය වේ. අන්තර් ජාතික දත්තවලට අනුව එම නම දැක්වෙන්නේ සෙයියෝ එක්ස්ප්ලෝර් ලෙසයි. නෞකාවක නම හෝ ධජය හෝ හිමිකරු වෙනස් වුවද එහි හඳුනා ගැනීමේ අංකය වෙනස් කළ නොහැකි අතර මෙම නම් දෙකෙන්ම දැක්වෙන නෞකා දෙකම එකම හඳුනා ගැනීම් අංකයක් යටතේ දැක්වේ. එම තොරතුරුවලට අනුව නම වෙනස් කළ නෞකාව පොහොර තොගය ද සමග ශ්‍රී ලංකාවට පැමිණ අවසන් ය. ඊයේ එම නෞකාව ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ පැවතිණ. මේ පිළිබඳව අප කළ විමසීමකදී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසුවේ, නෞකාව ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 12 ක් ආසන්නයේ තිබෙන බවට තමන්ට තොරතුරු වාර්තා වූ බවයි. පෙරේදා ගිනිකොණදිග මුහුදු තීරයේ එනම් කුඩා රාවණා කොටුව සහ මහා රාවණා කොටුව යන ප්‍රදීපාගාරවලට ආසන්නව මෙම නෞකාව ජී.පී.එස්. දත්ත පද්දතිවල දැක්වෙන බවට තමන්ට තොරතුරු වාර්තාවුව ද එය මේ වන විට දක්නට නැතැයි කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා ද ප්‍රකාශ කළේ ය. හාබර් මාස්ටර්වරයා අද දහවල් පැවසුවේ, තවමත් නෞකාව කොළඹ වරායට ඇතුළුවීමට අවසර ඉල්ලා නොමැති බවටයි. මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, ප්‍රමිතියෙන් අඩු පොහොර භාරගැනීමට රජය සූදානම් නොමැති බව පැහැදිලිව දැනුම් දී ඇති බවයි.''ප්‍රමිතියෙන් අඩු මෙම තාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල් කිරීම වලක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපතිතුමා නිහාල් කැප්පිටිපොල මහතා දැනුම්දීලා තියෙනවා. ඒ නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුලත් කිරීම දැනට නවත්වලා තියෙනවා. මෙම ප්‍රමිතියෙන් අඩු පොහොර භාරගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් නොමැති බව පැහැදිලිව මේ වන විට අපි දැනුම් දීලා තියෙනවා''මේ අතර චින්දාඕ සීවින්ග් බයෝ ටෙක් චීන සමාගම අද නිවේදනය කළේ, තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් තුන්වන පාර්ශ්වයේ පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්ජීඑස් සමූහයට මෙම සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බවයි. ඔවුන් ලබාදෙන පරීක්ෂණ ප්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිළිගත යුතු බව ද චීන සමාගම අවධාරණය කරයි. ඔවුන් පවසන්නේ එම සාම්පලවලත් අර්වීනියා ඇතැයි තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව පොහොර තොගය සැපයුම්කරු ආපසු රැගෙන යන බවයි. අර්වීනියා නැතැයි, තහවුරු වුවහොත් කොන්දේසි විරහිතව මුදල් ගෙවා මෙම පොහොර තොගය ලබාගැනීමට පියවර ගත යුතු බව ද චින්දාඕ සීවින්ග් බයෝටෙක් සමාගම පවසයි. තම සමාගම විසින් මේ පිළිබඳව මාධ්‍ය හරහා පළ වී ඇති අසත්‍ය හා අපහාසාත්මක වාර්තා හා විවේචන විමර්ශනය කිරීමටත් ඒවාගේ නීතිමය වගකීම සොයා බැලීමටත් සැපයුම්කරු ලෙස තමන්ට හිමිකමක් ඇති බවයි. මේ අතර චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමට එරෙහිව වාණිජ මහාධිකරණය විසින් අද (26) තවත් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ. අදාළ වාරණ නියෝගය නිකුත් කෙරුණේ චින්දාඕ බයෝ ටෙක් වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකි වන පරිදියි. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා , කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරුවලින් ඉවත් කළ බව කාෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය නිවේදනය කළේ, ඒ අනුව බුද්ධි මාරඹේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගිත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් ඉවත් කළ බවයි. කෙසේ වෙතත් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ, එවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් තමා ලිඛිතව දැනුවත් කර නොමැති බවයි.
''මම කෘෂිකර්ම අමාත්‍යංශය හා සම්බන්ධ කිසිදු ආයතනයක රැකියාවක නිරත වන නිලධාරියෙක් නෙවෙයි. ගිය වසරේ දෙසැම්බර් මාසය වනකොට වර්තමාන කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ආරාධනයෙන් මට ආරාධනයක් ලැබුණා ඇත්තටම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් නිර්මාණයක් කරලා තියෙන වෙලාවේ ඒ කමිටුවේ සාමාජිකයෙක් හැටියට සේවය කරන්න කියලා. ඉතින් අපිට භාර දීලා තියෙන රාජකාරිය වන්නේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවශ්‍යය කරන කෙටුම්පත සම්පාදනය කරලා ගරු අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීම. ඇත්තටම කිව්වොත් මට මේ දක්වා කිසිදු ලිඛිත ලියවිල්ලක් ලැබිලා. ඒ සම්බන්ධව මාව කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කළා කියලා. ඇත්තටම මේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදන කමිටුව ගිය මාසයෙන් ඉවරයි. එතකොට මේ මාසේ මාව ඉවත් කරනවාද ? නැද්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් වෙන්න විදියක් නෑ. කියන එක තමයි මං නම් දකින්නේ''