T20 World Cup: ලහිරු කුමාරට හා ලිටන් ඩාස්ට ICCයෙන් දඩ

T20 World Cup: ලහිරු කුමාරට හා ලිටන් ඩාස්ට ICCයෙන් දඩ

T20 World Cup: ලහිරු කුමාරට හා ලිටන් ඩාස්ට ICCයෙන් දඩ

කර්තෘ Staff Writer .

25 Oct, 2021 | 4:58 pm

COLOMBO (NEWS1ST):  පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවැති තරගයේදී ICC රීති කඩ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු කුමාරට සහ බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිටන් ඩාස්ට දඩ නියම කර තිබේ.

ලහිරු කුමාරට තරග ගාස්තුවෙන් 25%ක මුදලක් සහ ලිටන් ඩාස්ට 15%ක මුදලක් දඩ ලෙස නියම කිරීම කර ඇති අතර, ඔවුන් දෙදෙනාටම එක් දඬුවම් ලකුණ බැගින් ද නියම කර තිබේ.

ඔවුන් දෙදෙනා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වූයේ තරගයේ පස්වැනි පන්දුවාරයේදී ලිටන් ඩාස් දැවී යාමෙන් අනතුරුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]