ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවීමට නව ගනුදෙනු ක්‍රමයක්

ශ්‍රී ලංකාවට විදෙස් මුදල් එවීම සඳහා නව ගනුදෙනු ක්‍රමවේදයක්

by Staff Writer . 25-10-2021 | 11:54 AM

COLOMBO (NEWS1ST):විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට 'ලංකා රෙමිට්' නමින් නව ගනුදෙනු ක්‍රමයක් හඳුන්වා දෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති උත්සවයකට එක්වෙමිනි. මෙරට ඩිජිටල් ගනුදෙනු දිරිගන්වමින් ලංකා QR කේතය දිවයින පුරා ප්‍රචලිත ක්‍රිරීමේ වැඩසටහනක් අද ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැත්විය. ඒ තරුණ හා ක‍්‍රීඩා , සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙනි.