අභියාචනාධිකරණයෙන් පොලිස්පතිට රිට් ආඥාවක්

විනිසුරු පිලපිටියට එරෙහි නඩුව: ඉදිරි පියවර ගැනීම වළකමින් රිට් ආඥාවක්

by Staff Writer . 25-10-2021 | 3:23 PM

COLOMBO (NEWS1ST): කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් හා වර්තමාන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අද (25) පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කළේ ය.

නඩුව පවරා තිබුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුත්තක් සම්බන්ධයෙන් දුරකතන සංවාදයක යෙදීමට එරෙහිවයි. එම නඩු කටයුත්ත අධිකරණය හමුවේ කැඳවීම වළක්වමින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ද ප්‍රොහිභිෂන් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය නඩුවේ සැකකරුවෙකු ලෙස ගිහාන් පිලපිටිය මහතා නම් කිරීමට, නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරමින් නියොගයක් ද නිකුත් කළේ ය. ගිහාන් පිලපිටිය මහතා විසින් ගොනුකර තිබු පෙත්සමක් සලකා බැලු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළේ ය.