කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් ලිහිල් වෙයි

දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කෙරේ

by Sagarika Chathumali 25-10-2021 | 8:00 PM

COLOMBO (NEWS1ST): කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව නව සංශෝධන හෙට (26) සිට ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව ආපනශාලා තුළට ඇතුළු කර ගත හැක්කේ එහි ධාරිතාවෙන් 1/3 ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 75 සීමාව ඉක්මවා නොයා යුතු ය. එළිමහන් ස්ථානයක නම්, ඇතුළු කර ගතහැකි පුද්ගලයින් සංඛ්‍යාව 100කි. මංගල උත්සව සඳහා ශාලා ධාරිතාවෙන් 1/3කට සහභාගී විය හැකි අතර පුද්ගලයින් සංඛ්‍යාව 100 ඉක්මවා නොයා යුතු ය. එළිමහන් ස්ථානයක නම්, පුද්ගලයින් 150කට අවසර හිමි වේ. විවාහ මංගල උත්සවලදී මත්පැන් සංග්‍රහ තවදුරටත් තහනම් ය.