ජපාන තානාපති සුගියාමා අකිරා ජනපති  හමුවෙයි

දිවයිනෙන් පිටත්ව යාමට පෙර ජපන් තානාපති ජනපති හමුවෙයි

by Staff Writer . 25-10-2021 | 9:26 PM

COLOMBO (NEWS1ST): සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙහිදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් මෙරටට ලබා දුන් සේවය ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක්කළ බවයි. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිවරයා සමග පවසා තිබේ.