දියර පොහොර ගනුදෙනුව: CIDයට පැමිණිල්ලක්

දියර පොහොර ගනුදෙනුව: සමගි ජන බලවේගයෙන් CIDයට පැමිණිල්ලක්

by Staff Writer . 25-10-2021 | 1:50 PM

COLOMBO (NEWS1ST): ඉන්දියාවෙන් දියර පොහොර ආනයනයේදී පෞද්ගලික සමාගමක ගිණුමකට මුදල් ගෙවීමේ සිද්ධියට අදාළව පරීක්ෂණයක් සිදුකරණ ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අනාවරණය කළේ, ඉන්දියවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම සඳහා රුපියල් කෝටි 29 ක මුදලක් පසුගිය 17 වනදා මෙරට ආරම්භ කළ පුද්ගලික සමාගමක ගිනුමකට බැර කර ඇති බවයි. එම මුදලින් රුපියල් නව කෝටි විසි ලක්ෂයක මුදලක් පමණක් පොහොර ගෙන්වීමට වියදම් කර ඇති බවත් ඉතිරි මුදල අදාළ ගිණුමේ තවදුරටත් ඇති බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ ය.