තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් දිවයිනට

by Staff Writer . 25-10-2021 | 2:37 PM

COLOMBO (NEWS1ST):  තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370 ක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.

නිවුස් ෆස්ට් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් අදාළ එන්නත් තොගය දිවයිනට රැගෙන ආ බවයි. අනතුරුව එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණයේ තැන්පත් කෙරිණ