අදානිගේ පවුලේ සාමාජිකයින් මන්නාරමේ සංචාරයක

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික අදානිගේ පවුලේ සාමාජිකයින් මන්නාරමේ සංචාරයක

by Staff Writer . 25-10-2021 | 5:16 PM

COLOMBO (NEWS1ST):  ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මන්නාරමේ සංචාරයක නිරත වන බව අප වාර්තාකරු පවසයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපරික ගෞතම් අදානි මහතා ඇතුළු පිරිස දිවයිනට පැමිණ තිබුණේ, ඊයේ (24) රාත්‍රියේදීයි. අප වාර්තාකරු සඳහන් කළේ, පෞද්ගලික ගුවන් යානා දෙකකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි. ගෞතම් අදානි මහතා අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබිණ. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ, බටහිර පර්යන්ත ව්‍යපෘතිය පිළිබඳව, බලශක්ති පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බවයි.