අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් රටපුරා සර්ව ආගමික වතාවත්

by Staff Writer . 25-10-2021 | 12:57 PM

COLOMBO (NEWS1ST): සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් අද (25) දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්විය.

සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් දළඳා සමිඳුන්ට අද අෂ්ඨපරිශ්කාර පූජාවක් සිදු කෙරිණ. මහා සංඝයා වහන්සේ වෙනුවෙන් දහවල් දානය පිළිගැන්වීම සිදු කෙරුණේ, බහිරවකන්ද විහාරස්ථානයේදී ය. අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ සංකල්පයකට අනූව ක්‍රියාත්මක ගම්මැද්දෙන් මීට වසර 05කට පෙර පානීය ජල පසහුකම් ලබා ගත් වැලිගම බොරාල ගම්මු අද සිය කෘතවේදීත්වය පළ කරමින් මහා සංඝරත්නයට අෂ්ඨපරිශ්කාර පූජාවක් හා දසසිල් මාතාවන්ට වියළි ආහාර පූජාවක් ද සිදු කළේ ය. ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම් කෝවිලේ සහ මන්නාරම තිරුකෝධීෂ්වරම් කෝවිලේදී පූජාවන්  පැවැත්විය. මේ අතර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී ද අද දිව්‍ය පූජාවක් පැවැත්විය. මහනුවර මහයියාව ජාමිරුල් හයිරාත් ජුම්මා දේවස්ථාන පරිශ්‍රයේ පැළ සිටුවීමකින් අනතුරුව අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාට පිං අනුමෝදනා කිරීමේ දුආ ප්‍රාර්ථනාවක් සිදු කෙරිණ. මේ අතර සීමාසහිත කැපිටල් මහරාජා සමුහයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා සිහිපත් කරමින් හැටන් නිග්රෝධාරම විහාරස්ථානයේදීද පිං අනුමොදනාවක් පැවැත් විය. මොරවක වැලිව ගුරුකෝට්ටකන්ද ගම්මැද්ද සවිය සංවිධානයේ නියෝජිතයින් මොරවක කොඩිකාරගොඩ මිගාරමාතාරාම විහාරස්ථානයේදී ආර්. රාජමහේන්ද්‍රන් මහතා සිහිපත් කරමින් පිං පැමිණවිම සිදු කළේ ය. ඒ මිගාරාමිධීපති පූජ්‍ය පාද ශාස්ත්‍රපති මොරකව සුමනජෝති හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙනි. කැබිතිගොල්ලෑව ගෝනහද්දෑව ගම්මානයේ 2016 වසරේ ඉදිකළ පානීය ජල ව්‍යාපෘතියකින් ප්‍රතිලාභ ලබන ගම්වාසීන් ද සීමාසහිත කැපිටල් මහරාජා සමුහයේ හිටපු සභාපති අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් පිං අනුමෝදනා කිරීම සිදු කළේ ය. පො‍ළොන්නරුව මනම්පිටිය, මාගම්තොට විහාරස්ථානයේට පමිණි අද ගම්මද්ද සිවිය සාමාජිකයන් ද ආර්. රාජමහේන්ද්‍රන් මහතාට පිං පැමිණවීය. එමෙන්ම ගලෙන්බිදුණුවැවැ පලුගොල්ලාගම බෝසෙවන විහාරස්ථානයේදී ද ආර්. රාජමහේන්ද්‍රන් මහතා සිහිකරමින් පිං අනුමෝදනා කෙරිණ. ගලෙන්බිදුනණූ වැව යකල්ල , පලුගොල්ලාගම , ජනතාව ද අභාවප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා සිහිපත් කරමින් අද උද උදෑසන ගලෙන්බිදුණුවැව වෙම්බුවැව විහාරස්ථානයේදී බුද්ධ පූජාව පවත්වා මහා සංඝරත්නයට දානය පිළිගැන්වී ය. තණමල්විල හම්බෙගමුව දියවර ගම්මානයේ ගම්මැද්ද සවිය සමිතිය සහ හම්බේගමුව සවිය සමිතිය එක්ව හම්බෙගමුව මුතුමාල රජමහා විහාරස්ථානයේදී හිටපු සභාපතිතුමාට පිං අනුමෝදනා කළේ, මෙම පුරාණ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක ප්‍රතිලාභ එක්කර ගනිමිනි. කොබෙයිගනේ හෙංගමුව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථානයේදී තෙල් පහන් සුවඳ දුම් පූජාවක් පැවැත් විය. ගම්මැද්ද මගින් මොරවැවට පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීමට මුල් වූ ගම්මැද්ද නිර්මාතෘවරයාණන් සිහිපත් කොට පිං පැමිණවීමට මොරවැව ගම්වාසීන් එක් වුණේ, ත්‍රිකුණාමලය මහ දිවුල්වැව දෙවන පියවර ශ්‍රී ඉන්දිරාරාමයටයි.