දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4  දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කෙරේ

දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කෙරේ

දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කෙරේ

කර්තෘ Sagarika Chathumali

25 Oct, 2021 | 8:00 pm

COLOMBO (NEWS1ST): කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව නව සංශෝධන හෙට (26) සිට ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව ආපනශාලා තුළට ඇතුළු කර ගත හැක්කේ එහි ධාරිතාවෙන් 1/3 ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 75 සීමාව ඉක්මවා නොයා යුතු ය.

එළිමහන් ස්ථානයක නම්, ඇතුළු කර ගතහැකි පුද්ගලයින් සංඛ්‍යාව 100කි.

මංගල උත්සව සඳහා ශාලා ධාරිතාවෙන් 1/3කට සහභාගී විය හැකි අතර පුද්ගලයින් සංඛ්‍යාව 100 ඉක්මවා නොයා යුතු ය.

එළිමහන් ස්ථානයක නම්, පුද්ගලයින් 150කට අවසර හිමි වේ.

විවාහ මංගල උත්සවලදී මත්පැන් සංග්‍රහ තවදුරටත් තහනම් ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]