ඉන්දියාවට එරෙහිව පකිස්ථානයට විශිෂ්ට ජයක්..

ඉන්දියාවට එරෙහිව පකිස්ථානයට විශිෂ්ට ජයක්..

ඉන්දියාවට එරෙහිව පකිස්ථානයට විශිෂ්ට ජයක්..

කර්තෘ Staff Writer .

25 Oct, 2021 | 10:32 am

COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි⁣යේ ඉන්දියාව සමග පැවති තරගයෙන් පකිස්ථානයට කඩලු 10ක විශිෂ්ට ජයක් හිමිවිය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක විරාට් කෝලි පන්දු 49 තුළ හතරේ පහර 5 ක් හා එක් 6 පහරක් සහිතව ලකුණු 57 හිමිකර ගැනීමට සමත් විය

රිෂාබ් පාණ්ට් ලකුණු 39 යි .

පන්දු යැවීමෙන් ශාහීඩ් අෆිඩ් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය .

ජයග්‍රහණය උදෙසා ලකුණු 152 අභියෝගය ඇතිව පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායම එකඳු කඩුල්ලක් හෝ නොදැවී පන්දු වාර 17 යි පන්දු 5 ක් අවසානයේ ලකුණු 152 ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

පකිස්ථානයේ ජයග්‍රහණය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 79 රැස් කළේ පන්දු 55 ක් පමණක් වැය කරමිනි.

ඒ සඳහා හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

බාබා අසාම් පන්දු 52 තුළ ලකුණු 68 ක් ලබා ගත්තේ හතරේ පහර 6 සහ හයේ පහර 2ක් සමගිනි .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]