ඉන්දියාවෙන් ගෙනා නැනෝ පොහොර ගනුදෙනුව ගැන සැක සංකා

by Staff Writer . 24-10-2021 | 11:15 PM

COLOMBO (NEWS1ST):  ජනතා විමුක්ති පෙරමුණ අද මාධ්‍ය හමුකදී ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන ඒම පිළිබඳව අදහස් පළ කළේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුන්ල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, පොහොර ආනයනය කරනු ලැබුවේ, රජයන් අතර ගනුදෙනුවක් ලෙස නම් පොහොර ගෙන්වීම සිද්ධ කළ යුතුව තිබෙන්නේ රජයේ සමාගම් හරහා බවයි.
''රජයන් රජයන් අතර ගනුදෙනුවක් කරලා නම් පොහොර ගෙන්නුවේ. මේ පොහොර ගෙන්වීම සිද්ද කළේ, ඒ පො⁣හොර ගෙන්වීම සිද්ධ කළ යුතුව තිබෙන්නේ . රජයේ සමාගම් හරහා. මොවුන් විදේශ මුදල් හුවමාරු කරන ගිණුමක් ඇරලා තියෙන්නේ 18 වෙනිදා. එදාම තමයි දැන් ඒ ගිණුමට හවස් වෙනකොට භාණ්ඩාගාරයෙන් මේ සල්ලී මාරු කරලා එවන්නේ.එත⁣කොට පෞද්ගලික ගිණුමකට සල්ලී මාරු කරන්න බෑ මේ විදියට''
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ පිළිබද තවදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළේ ය.
''අද කැබිනට් මණ්ඩලයේ තින්දු තීරණ තමන්ට ඕන විදියට අරගෙන එවා තමන්ට ඕන විදියට ඊට පස්සේ, ව්‍යාපාර කරන ත;ත්වයට රටේ මුදල්,මහජනතාවගේ මුදල් පාවිච්චි කරන තත්වයකට ඇවිල්ලා තියනවා. දැන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වෙනුවට මේ කියන පුද්ගලයින්ගේ දෙන්නෙක්ගේ ගිණුමක් මේකට පාවිච්චි කෙරිලා ඒ ගනුදෙනුව මේ පැත්තට මාරු කළේ කව්ද? කව්ද ඒකට අනුමැතිය දුන්නේ. මේවා මේ රටේ ජනතාව දැන ගන්න ඕන ප්‍රශ්න''