by Staff Writer . 24-10-2021 | 5:15 PM
COLOMBO (NEWS1ST): හෙට (25) දින දිවයිනේ ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ කිරීමේදී ඕනෑම සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට සිසුන්ට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ පවතින තත්ත්වය මත සිසු දරුවන්ට නිල ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය සපයා ගැනීමේදී පවතින දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
වඩා වැදගත්වන්නේ පාසල්වලට සිසුන් පැමිණිම වන බැවින් දරුවන්ට සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංය තීරණය කර තිබේ
දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු සඳහා හෙට (25) සිට ආරම්භ වේ.
සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය සිකුරාදා ආරම්භ කෙරිණ.