ශ්‍රී ලංකා – බංගලාදේශ 20 /20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – බංගලාදේශ 20 /20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – බංගලාදේශ 20 /20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

කර්තෘ Staff Writer .

24 Oct, 2021 | 9:51 pm

COLOMBO (NEWS1ST):  සාජා පිටියේ පැවති තරගයේ ජයග්‍රහණයට ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජය හිමිකර ගත්තේ ය .

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංගලාදේශය ප්‍රථම කඩුල්ලට ලිටන් ඩාස් සහ මොහොමඩ් නයීම් ලකුණු 40ක සබඳතාවක් ගොඩනැගූහ.

ලිටන් ඩාස් ලකුණු 16කට ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමග එම ක්‍රීඩකයින් දෙදෙනා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති විය .

මොහොමඩ් නයීම් සහ මුෂ්ෆිකර් රහීම් අතර තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 73ක සබඳතාවක් ගොඩ නැගිණ .

නයීම් පන්දු 52කින් ලකුණු 62ක් රැස් කළ අතරමුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 57 ලබාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171 කි.

ලකුණු 172ක ඉලක්කයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 2කදී බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ ස්ථාවර වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ චරිත් අසලංක දෙවැනි කඩුල්ලට ලකුණු 70ක අගනා සබඳතාවක් ගොඩනැගූහ.

චරිත් අසංලක නොදැවී ලකුණු 80ක් හිම කරගත් අතර ඊට 6 පහර 5ක් සහ 4 පහර 5ක් ඇතුළත් විය.

භානුක රාජපක්ෂ ලකුණු 53ක් රැස් කළේ ය .

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 5ක් දැවී තරගය ජය ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]