චීන සමාගමට ගෙවීම් අවහිර කරමින් වාරණ නියෝගයක්

හානිකර පොහොර එවූ චීන සමාගමට ගෙවීම් අවහිර කරමින් වාරණ නියෝගයක්

by Staff Writer . 23-10-2021 | 3:27 PM

COLOMBO (NEWS1ST):  හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීන සමාගමට ගෙවීම් කිරීම අවහිර කරමින් ලංකා පොහොර සමාගම වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

මේ අතර චීනයේ සිට මෙරටට රැගෙන ආ කාබනික පොහොර නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළුවීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇතැයි, අද පෙරවරුවේ, හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතා සඳහන් කළේ ය. ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුවත් කර තිබුණේ අදාළ නෞකාව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් සමග ඊයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබූ බවයි. පසුගිය දා අදාළ ආයතනයෙන් ලබාගත් පොහොර සාම්පලවල අර්විනියා නමැති බැක්ටිරියාව ඇති බවට අවස්ථා 2කදී තහවුරු වී තිබිණ.