විනය කැඩූ පළාත් මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග

විනය කඩ කළ පළාත් පාලන නියෝජිතයින්ට විනය ක්‍රියාමාර්ග

by Staff Writer . 23-10-2021 | 9:50 AM

COLOMBO (NEWS1ST): විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පළාත් පාලන නියෝජිතයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි, ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා සීටීමට තීරණය කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

සභාපතිවරයා පැවසුවේ, මැතිවරණ කොමිසම රැස්වූ අවස්ථාවේ එම තීරණය ගත් බවයි. පසුගිය සමයේ බොහෝ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් අතර විවිධාකරයේ ගැටුම් වාර්තා වූ බවත් එවැනි තත්ත්වයක් තුළ මෙම ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ත් සභාපතිවරයා සඳහන් කළේ ය. ඒ අනුව මෙවැනි ගැටුම්වලට සම්බන්ධ මහජන නියෝජිතයින්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න ලෙස ආණ්ඩුකාරවරවරුන්ගෙන් ඉල්ලා සීටීමට තීරණය කර තිබේ.