ලබන 27 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

ලබන 27 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

by Staff Writer . 23-10-2021 | 9:45 AM

COLOMBO (News 1st) - ලබන 27 වනදා රුපියල් මිලියන 56,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ .

ඊට අදාළ ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා වන ගෙවීම් ලබන 29 වැනිදා කළ යුතු බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.